Heading Buddhist Monks in front, President Rajapaksha spends people's money on conducting arms givings and suppresses people using police.In order to rescue criminals who are needed for them and to convert innocents as criminals, they use police. When a crime has taken place anyone could be arrested and tortured and charges could be fabricated; this is the procedure in Rajapaksha rule. Jude who went to Payagala police was striped, hanged and beaten. They tortured him using darmachakra method; they put kochchi/chillie juice into his eyes and made him eat kochchi/chillie. Listen to Jude

Dailyvideo

පුතාට යුද්ධ හමුදා පොලිසිය වධ දෙනවා - පියා.

සොමපාල මයා


පුතාට යුද්ධ හමුදා පොලිසිය වධ දෙනවා -  පියා.
අප්‍රේල් මස 25 වන දින, සිවිල් ඇදුමින් පැමිණි යුද්ධ හමුදා පොලිසියේ නිලධාරීන් තම පුතාව අත්අඩංගුවට ගත් බවත්, එයින් අනතුරුව බූස්ස කදවුරටද, අප්‍රේල් 27 පොල්හේන්ගොඩ යුද්ධ හමුදා පොලිස් මූලස්ථානයටද ගෙන ගිය පවසන- රත්ගම, සෝමපාල මහතා, යුද්දධ හමුදා පොලිස් මූලස්ථානයේ රදවා තබාගෙන සිටින තම පුතට වධ දෙන බවද ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් වහාම මැදිහත්වන ලෙසට ඔහු, මැයි 02 වන දින මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ, දැනට නීති විරෝධී රදවා තබාගැනීමට හා වධහිංසාවට පාත්‍ර කිරිමට දින අටක් ගතවන බව අවධාරනය කරමින්ය.
මෙසේ අත් අඩංගුවට පත්ව සිටින්නේ, 25 හැවිරිදි එක් දරු පියෙක් වන , ලාන්ස් කොප්‍රල් ලසන්ත සමන් කුමාරය. ඔහු අටවන පාබල හමුදාවේ සෙබලෙකි.සේවයට වාර්තා නොකිරීම අත් අඩංගුවට ගැනීමට හේතුව බව පියා පවසයි.
වධහිංසා පැමිණවීම, නීති විරෝධී රදවා තබා ගැනීම - දේශීය නීති යටතේ නීති විරෝධී වේ.
ශ්‍රී ලංකාණ්ඩුව වධහිංසාව නතර කරන බවට ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පොරොන්දු දී ඇත. ගිවිසුම් වලට පැමිණ ඇත.

Posted by janasansadaya on 10:11 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

1 ලිපිය පිලිබඳ අදහස් for පුතාට යුද්ධ හමුදා පොලිසිය වධ දෙනවා - පියා.

  1. යුධ හමුදා පොලීසියට සිවිල් ඇඳුමෙන් පැමිණ කිසිදු යුද හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගැනීමට නොහැකිය. එසේ පැමිණෙන්නේනම් ඒ ප්‍රදේශය පාලනය වන යුද හමුදා සේනාංක මූලස්ථානය, බලසේනා මූලස්ථානය, හෝ අදාළ යුද හමුදා පොලිස් එකකක මූලස්ථානයේ ඒ පිලිබඳ සටහනක් තිබිය යුතුය. එසේම අත්අඩංගුවට ගත කිසිවෙකුටත් වද හිංසා කල නොහැකිය. නමුත් සාමාන්‍ය පොලීසිය මෙන්ම යුද හමුදා පොලීසියද ඒ අතින් ඉතා අපකීර්තිකර අතීතයක් ඇති ආයතනයකි. පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න. ජනාධිපතිතුමාට ලිඛිත පැමිණිල්ලක් කරන්න සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ලෙස මේ ගැන සොයා බලන ලෙස. එහි පිටපත් ආරක්ෂක ලේකම්, නීතිපති, යුද හමුදාපති, සෙබලා අයත් ඒකකයේ රෙජිමේන්තු ආඥාපති, සෙබලා අයත් ඒකකයේ අණදෙන නිලධාරි, වෙත යවන්න. පොලීසියට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන. සෙබලා වරදක් කර ඇත්නම්, නොපමාව යුද හමුදා පනත අනුව ක්‍රියා කරන ලෙස, යුදහමුදාපති වෙත අධිකරණ නියෝගයක් ගැනීමට ඇති හැකියාව නීතීඥයකු මගින් සොයාබලන්න.

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison