Heading Buddhist Monks in front, President Rajapaksha spends people's money on conducting arms givings and suppresses people using police.In order to rescue criminals who are needed for them and to convert innocents as criminals, they use police. When a crime has taken place anyone could be arrested and tortured and charges could be fabricated; this is the procedure in Rajapaksha rule. Jude who went to Payagala police was striped, hanged and beaten. They tortured him using darmachakra method; they put kochchi/chillie juice into his eyes and made him eat kochchi/chillie. Listen to Jude

Dailyvideo

අපරාධකාරයින්ගේ ජරාව අරන් බීලා ඇවිල්ලා පහර දුන්නා.

 බුලත්සිංහල පොලිසියේ සාජන් සමරවීර ඇතුලු තුන්දෙනෙක් සල්ලිබාගේ තියෙන දෙශපාලන ගැත්තන්ගේ ඔනා එපාකම් පිරිමහන්න අසරණයින්ට තලා පෙලන හැටි විස්තර කෙරෙන අගෝසිංඤෝ ආරච්චිගේ වසන්ත ගේ කතාව.
මගේ වයස අවු: 31යි, විවාහක, දරුවන් 01යි, බිරිට දරුවෙක් ලැබෙන්නට ඉන්නවා. රැකියාව : ගොවිතැනග පදිංචි තිබ්බොට්ටාව, බුලත්සිංහල.
2010. 11. 11 දින, රාත්‍රී 7.20 ට පමණ, බුලත්සිංහල පොලිසියේ සාජන් සමරවීර සමග තවත් නිලධාරීන් දෙදෙනෙක් නිවසට ආවා. ඔවුන් තිදෙනාම නිළ ඇදුමින් සිටියේ. එක් අයෙක් අතේ තුවක්කුවක් තිබුනා. ඔවුන් තිදෙනාම ගේ ඇතුලට ආවා. මමත්, බිරිදත්, දරුවත් ගෙදර හිටියා. සාජන් සමරවීර මට යමං පොලිසියට කියා අඩගැසුවා. මම කිව්වා වරදක් කරලා නෑ කියා. මම කිව්වා තුන්ඩුවක් දෙන්න මම උදේට එන්නම් කියා. ඔවුන් තිදෙනාම හොදටම බීලා හිටියේ. ඒ අවස්තාවේ සාජන් සමරවීර මගේ අතින් ඇද්දා. මම කිව්වා මගේ නෝනාට බබෙක් හම්බවෙන්න ඉන්නවා. අවු: 5 2/1 වන පුතා ඉන්නවා. ඒ ගොල්ලන් දාලා එන්න බැහැ කියා. අපි ඉන්නේ මහා පාරේ ඉදලා කි.මී.2ක් පයින් යන්න ඕනා කන්දක.
සාජන් සමරවීරයි, තවත් රාළහාමි කෙනෙකුයි මගේ එක් අතකින් අල්ලා ඇද්දා. අනෙක් එක්කෙනා ඔහු අත තිබූ පොල්ලෙන් මට පහර දුන්නා. එසේ පහරදීලා, මාව දාලා ගියා. මම ඒවෙලාවෙම බුලත්සිංහල රජයේ රෝහලට ආවා. එහි හිටිය වෛද්‍ය මාධව කිව්වා මෙහේ හරියන්නේ නැහැ,හොරණ රජයේ රෝහලට යන්න කියා. මා හොරණ රෝහලට ගියා. එහිදී වෛද්‍යවරයාට මා ප්‍රකාශ කලා පොලිසියෙන් ගහපු බව.
මාව හදිසි අනතුරු කාමරයේ තියාගත්තා. ඇතලත්වීමේ අංක 51993 ලෙසට එහි හෙදියක් කොල කෑල්ලක ලියා ගත්තා. පසුවෙනිදා (12දා) දවල් 12ට විතර රෝහල් පොලිසියෙන් ඇවිල්ලා මගෙන් ප්‍රකාශයක් ලියා ගත්තා. එයට අත්සන් ගත්තා. 13 වෙනිදා මගේ ටිකට් කැපුවා. රෝහලේදී වෛද්‍යවරයෙක් මගෙන් විස්තර අසා ලියා ගත්තා.
15 වෙනිදා මම ගොවිතැන් වැඩවලට ගිහින් ඉන්නකොට උදේ 10ට විතර, බුලත්සිංහල පොලිසියෙන් දෙන්නෙක් ඇවිත්, මාස තුනක ගැබිනියක් වන මාගේ බිරිදව හා අවු: 5 2/1ක් වන මාගේ පුතාව ත්‍රී රෝද රථයක පොලිසියට ගෙනහිල්ලා තිබුනා. ඔවුන්ව සවස 5 2/1 වන තෙක් පොලිසියේ තියාගෙන තිබුනා.
අපේ ගමේ උදය කුමාර යන අයගේ දුරකථනයෙන් සාජන් සමරවීර මගේ අයියා වන ආරියසිංහට කතාකරලා, රුපියල් 5000/= ක් දෙන්න පැමිණල්ල ඉල්ලා අස් කරගන්න පොලිසියට එක්කගෙන එන්න යයි කියා තිබෙනවා.
2011. 11. 11 වන දින, අපේ නිවස අසල පදිංචි ගාමිණී නැමැති ලංගම රියදුරෙක්, තවත් දෙන්නෙක් එක්ක මගේ ගෙදර මිදුලට ඇවිල්ලා මට පහරදී ගියා. ඒ යන අතර ඔහු වැටිලා තුවාලවෙලා බුලත්සිංහල රෝහලේ නැවතී ඉන්න බව මට දැනගන්නට ලැබුනා. ඔහු මට විරුද්ධව බුලත්සිංහල පොලිසියේ පැමිණීල්ලක් දාලා තියෙන බවද මට දැනගන්නට ලැබුනා. මේ කාරණය මුල් කරගෙන මට බුලත්සිංහල පොලිසිය මෙසේ පහරදුන් බව මාගේ විශ්වාසයයි.
මට පහරදුන් දින එනම්, 2010. 11. 11 දින රාත්‍රියේ 7.30 ට පමණ,ත්‍රී රෝද රියදුරෙක් වන කරුනේ නැමැති අය - තවත් කිහිප දෙනෙක් එක්ක ඇවිත් මගේ මව වන සිරියාවතීට පහරදීලා තිබුනා. ඇය දින තුනක් බුලත්සිංහල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගෙන තිබෙනවා. බුලත්සිංහල පොලිසියෙන් ඇ‍ගෙන් ප්‍රකාශයක් ගෙන ඇත. නමුත් අද දින දක්වාම ඒ පිළීබදව පොලිසිය ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
මට පහරදුන් පොලිසියේ නිලධාරීයාව හා මාගේ අතින් ඇදගෙන සිටිය පොලිස් නිළධාරීන්ව දුටුවොත් අදුරන්න පුලුවන.
ඔහු ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති හා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙත ලිඛිතව පැමිණිලි කරමින් තමාට පහර දුන් පොලිස් නිලධෘරීන්ට සහ තම මවට පහරදුන් කරුනේ ඇතුලු පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට සහ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඉල්ලා සිටි.

Posted by janasansadaya on 12:09 PM. Filed under , , , , , , . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for අපරාධකාරයින්ගේ ජරාව අරන් බීලා ඇවිල්ලා පහර දුන්නා.

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison